11 ශ්‍රේණිය ඉතිහාසය - 04 වන පරිච්ඡේදයේ පූර්ණ ඇගයීම
11 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතේ 04 වන පරිච්ඡේදය බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම් පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ස්වයං ඇගයීම් පරීක්ෂණයකි. මෙහිදී වර්ෂ 1815 සිට 1948 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයන් විසින් වරින් වර මෙරටට හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සහ ඊට එරෙහිව ලාංකිකයන් ගෙන ගිය දේශපාලන උද්ඝෝෂණ පිළිබඳව සාකච්ඡා කෙරේ. විශේෂයෙන්ම 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ ඇති වීමට බලපෑ පසුබිම, ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම, වාර්ගික නියෝජන ක්‍රමය සහ කෝල්බෲක් කොමිසමේ නිර්දේශයන්හි කැපී පෙනෙන ලක්ෂණ මෙහිදී විග්රහ කෙරේ. තවද, වතු වගාව දියුණු කරගැනීම සඳහා මෙරට සිටි යුරෝපීය ව්‍යාපාරිකයන් 1865 දී ලංකා සංගමය පිහිටුවා ගෙන දියත් කළ උද්ඝෝෂණ, 1910 කෘෘව් මැකලම් ප්‍රතිසංස්කරණ, ලාංකික මධ්‍යම පන්තියේ බිහිවීම සහ ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම්, 1912 අමද්‍යප ව්‍යාපාරයේ දේශපාලන නැඹුරුව සහ 1915 සිංහල මුස්ලිම් කෝලාහලයේ බලපෑම සාකච්ඡාවට ලක් වේ. අවසාන වශයෙන්, ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය, 1919 ලංකා ජාතික සංගමය පිහිටුවීම, 1920 සහ 1924 මැනිං ප්‍රතිසංස්කරණ, 1931 ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ ලැබුණු සර්වජන ඡන්ද බලය හා විධායක කාරක සභා ක්‍රමය මෙන්ම වාමාංශිකයන්ගේ සූරියමල් ව්‍යාපාරය සහ 1947 සෝල්බරි ආණ්ඩුක්රමය හරහා ලංකාව නිදහස කරා ගමන් කළ ආකාරය ඇසුරෙන් සකස් කළ විභාග මට්ටමේ ප්‍රශ්න සහ සවිස්තරාත්මක පෙළපොත් විවරණ ඇතුළත් වේ.
ප්‍රශ්න පුවරුව
නිවැරදි පිළිතුරු
0
වැරදි / මඟහැරුණු
0
ගතවූ මුළු කාලය
00:00
ප්‍රශ්න විවරණ පත්‍රිකාව (Review Panel)
සියලුම ප්‍රශ්න හා පෙළපොත් නිවැරදි විවරණ පහතින් අධ්‍යයනය කරන්න.